පොහොට්ටුවේ අලුත් සන්ධානයේ ගිවිසුම්වලට අද අස්සන් තබයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අස්සන් තැබීම අද(26) සිදුකරයි.

විජේරාමය ප්‍රදේශයේ පිහිටි  මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේදී  අද පෙරවරුවේ එම ගිවිසුම්වලට අස්සන් තැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ  සමඟ එක්ව සිටි දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු නියෝජනය නොකරන දේශපාලන පක්ෂ කිහිපයක් එම අවබෝධතා ගිවිසුම් වලට අස්සන් තැබීමට නියමිතයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර මෙතෙක් එකඟතාවක් ඇති වී නොමැති බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.