එජාප ප‍්‍රබලයෙක් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ.. මහින්ද රහසේ හමුවෙයි..

 

අගෝස්තු මස 11 වැනිදා පවත්වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයෙක් ඇතුළු පිරිසක් එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ආණ්ඩු විරෝධී බලවේගයක් සෑදීමට නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද තම වේදිකාවට එක්විය යුතු බවද කී ඔහු එසේ නොවුවහොත් ශ‍්‍රීලනිප ප‍්‍රබල කණ්ඩායමක් තම පිලට එක්වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල නායකයෙක් ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසේදී රහසිගතව මුන ගැසී දීර්ග සාකච්චාවක් සිදු කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.