ශ‍්‍රීලනිපයේ ප්‍රබලයින්ට සතුන්ගේ නම්වලින් බැනවදිමින් ඩිලාන් පොහොට්ටුවට එක්වෙන බව කියයි.. ..

තමන්ට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීමට නොහැකි බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන්  හරක් පැටව් ටිකක් දාගෙන ඇති බවත් එවන් හරක් පැටව් දාගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න බැරි බවත් ඔහු සඳහන් කළේය.

හරක් බලන්නට ඇරෙන්න වෙන වැඩක් බැරි කෙනෙකුට වැඩ බලන ලේකම් තනතුරක් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.