එජාප නායකත්වයේ වෙනසක් නෑ-අද සිට නව සන්ධානක් – සජිත් පිළ කියයි

 

ලබන සතිය මුලදී නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා සාකච්ඡාවක් පැවත්වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රනමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඊට සහභාගී වීමට නියමිතයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ(16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවීන් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම රැස්වීමේදී මන්ත්‍රීවරුන් අති බහුතරයක් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්විය යුතු බව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

එහෙත් ඊයේ පැවති රැස්වීමේදී කිසිදු එකඟතාවයකට නොපැමිණි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවයි.

 

Leave A Reply

Your email address will not be published.