මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පත්වේ..
ජූනි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මහජන බැංකුවේ නව විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස රංජීත් කොඩිතුවක්කු මහතා පත්කර ඇත. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ බැංකුකරණ සහ ඩිජිටල්කරණ) ලෙස කටයුතු කළ හෙතෙම මෙම තනතුරට පත්වූයේ එතෙක් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ බොනිෆස් සිල්වා විශ්‍රාම යාමෙන් අනතුරුවය.
දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ බැංකු ක්ෂේත්රයේ අත්දැකීම් රාශියක් ඇති ඔහු පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සී/ස ලංකා එලායන්ස් මූල්‍ය සමාගම (බංග්ලාදේශය), ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සී/ස. ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් (ගරන්ටි) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ලංකා ණය තොරතුරු කාර්යංශයේ අධ්යක්ෂවරයකු ලෙසත්, ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යාංශයේ විකල්ප අධ්යක්ෂවරයකු ලෙසත් කටයුතු කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (මූල්‍ය- විශේෂ) උපාධිධාරියකු වන රංජිත් කොඩිතුවක්කු එක්සත් රාජධානියේ නිව් බර්කින්ග්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ නීතිය
පිළිබඳව ගෞරව උපාධිධාරියකු වේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි ආශ්රිත සාමාජිකයෙකි.